Pages

Ads 468x60px

You can replace this text by going to "Layout" and then "Page Elements" section. Edit " About "

Download

Recent Posts

Tuesday, January 19, 2016

ලංකාවේ technologyය......

මේක ගැජට්ටුවේ පලවෙනි පොස්ට් එක

ලංකාවේ technology ය ගැන ලියන්ඩ හිතුනේ ගැජට්ටුවට හොද ආරම්භයක් දෙන්නත් එක්ක කියලා........

ලංකාව තව සංවර්ධනය වෙන රටක්ලු....බහුතරය දුප්පත්ලු.....තවකොටසක් පෝසත්ලු...තවකොටසක් අන්ත දුප්පත්ලු

ගැජට්ටුව ලියන ඇඩ්මිනුත් සල්ලි කාරයෙක් නම් නෙමෙයි ගමේ කොල්ලෙක් හරි...යේ.......

හරි...හරි..කතාවට බහිමුකෝ


මේකයි කතාව ලංකාවට දුරකතනය ඇවිල්ලා නම් ටිකක් කල් ඒ උනාට මේතරම් මිනිස්සුන්ට ලං වෙලා වැඩි ඈතක් නෑ

 කොහොම හරි හෑන් පෝන් එක ආපු මුල් කාලේ තමා වැඩේ තිබ්බේ........

පෝන් එක කනේ ගහගෙන තනියම කතාව............

ඒ කාලේ වයසක අයට නම් ඕවට බඩ පැලෙන්න හිනා.. පිස්සො වගේ තනියම කියවනවා කියලා


කොහොමහරි කාලය ටික ටික ගෙවිලා ගිහින් දැන් පෝන් එක නැතිවම බැරි එකක් වෙලා

ඒ උනාට තවම පොන් එකේ වැඩ කිඩ අල්ලා ගන්න බැරි වෙච්ච අය නැතිවාම නොවෙයි.

ඒ අයට පෝන් එක හරියට අමුතු යන්තරයක් වගේ......... වැඩ කිඩ අල්ලා ගන්නවා තියා පෝන් එක ගැන හිතාගන්ඩවත් බැරුවයි ඉන්නේ....

ඒ උනාට දැන් වයසක ආච්චිලත් පෝන් එක ගැන දන්නවා...


දවසක් මම ගමනක් යන්ඩ කියලා බස් එකට නැගලා සීට් එකේ වාඩිවෙලා ඉන්නකොට

මට පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙලා හිටපු ආච්චි කෙනෙක් හෙන හයියෙන් කතාව..

මම පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා කාත් එක්කද මේ බරපතල කතාව කියලා...

 බැලින්නන් පොන් එකෙන්නේ..... ඒ වෙලාවෙ මට හිනහත් ගියා


කොහොම නමුත් දැන් පොන් එක ගොඩාක් ප්‍රචලිත වෙලා

 එක එක විදිහේ පොන් ............  

දැන් අලුත් එව්වත් ඇවිල්ලා බටන් ඔබාපු එක වෙනුවට ඇගිල්ලෙන් එහා මෙහා කොරන්ඩ තියෙන එකක්...............මාරයි නේ


ලංකාව ටිකක් දියුනුවෙලා කියලා පොඩි සතුටකුත් නැතුවාම නෙමෙයි නමුත්

 ලොකෙත් එක්ක බලන කොට අපි තාම පුංචියි


 නමුත් අපි ප්‍රාතමිකයි පුංචියි කිය කියා ඉදලා වැඩක් නැ...

ගැජට්ටුවනම් කියන්නේ අපි අපිට පුලුවන් හැකි උපරිමයෙන් අලුත් දෙයක් කරමු කියලා..


ලංකාවට කොම්පියුටරේ ගෙනැල්ලා ගොඩාක් කල් ඒ උනාට කොම්පියුටරේ නගරේ විතරයි

ගමට ඇවිල්ලා අඩුයි. අපේ රටට මේ වෙනකොට තොරතුරු තාක්ෂණයෙන් ලොකු ගමනක් යන්න තිබ්බා නමුත් පරිගණකයට හොද මතයක් සමාජය තුල තිබ්බෙ නෑ කිව්වොත් මං හරි ඇති......


මොකද කොම්පියුටරේ ළමයින්ට දෙන්න එපා ළමයි නැහැදෙනවලු.....

පෝන් එක දෙන්න එපා ඒක ළමයින්ට වැදගත් නෑලු......

ටිවි එක පෙන්නන්නවත් එපාලු ලමයි පාඩම් කරන්නේ නෑලු.....


මෙව්වා මොන පිස්සු කතාද.. එහෙනම් එකාලේ හැදිච්ච ලමයි බෝ පැල වගේ ඉන්ඩ එපෙයි.


කොම්පියුටරේ පෝන් එකේ ටිවි එකේ පොඩි නපුරක් නැතිවාම නෙමෙයි

දෙමාපියෝ අවදානෙන් ඉන්න ළමයට අලුත් technology ය දැනගන්න ඉඩ අරින්න

නැත්නම් ලංකාවේ technologyය පල්ලැහැම තමා.


ඇමරිකාව දියුනුයි ලු.....ජපානය දියුනුයි ලු....චීනය රුසියාව දියුනුයි ලු....

ඒත් ලංකාවෙ අපි දියුනු නෑලු...........

ගැජට්ටුව නම් කියන්නේ ලංකාවත් දියුනුයි කියලා......

ලංකාවේ technologyය දියුනුයි නමුත් දියුනු නැත්තේ මිනිස්සුන්ගේ චින්තනයයි.

හැමදේම හිතන්නේ පරණ විදිහට....අලුත් දෙයක් ගැන කිවුවොත් එක්කො හිනාවෙනවා එක්කො බනිනවා මේක තමා ලංකාවේ තියරිය

ගැජට්ටුවනම් කියන්නේ ඒ තියරිය අයින්කරලා අලුත් ගැජට්ටුවක් හදන්න ගැජට්ටුවත් එක්ක එකතු වෙන්න

කියලා..............

 
Blogger Templates